මඩකලපුව ශික්ෂණ රෝහලට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය පෝෂණ සලාක ප‍්‍රදානය කරයි
මඩකලපුව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින්, මඩකලපුව ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන දරුවන් 130 දෙනෙකු හට පෝෂණ සලාක පාර්සල් ප‍්‍රදානය කිරීම පසුගිය අගෝස්තු මස 23 වන දින සිදු කරන ලදී.

මෙම වැඩසටහන කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වීජීජීපී පියසිරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී. කඳවුරු නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි