ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (දෙවන සැසිය) 2016 අගෝස්තු මස 25 වන දින පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර අලූතින් ඉදිකර ස්ථාපිත කරන ලද "ගිනි පාසල සහ ගිනි නඩත්තු බලඝණ" එතුමන් විසින් විවෘත කරන ලදී.    

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කටුනායක කඳවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලද අතර මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බව ද  අවධාරණයෙන් කියා සිටියේය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි