ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2016 අගෝස්තු මස 26 වන දින පවත්වන ලද අතර අනතුරුව 2016 අගෝස්තු මස 27 වන දින මහා සංඝරත්නය 24 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.

ගුවන් හමුදා මඩකලපු කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් වී ජී ජී බී පියසිරි මහතා විසින් සධාතුක කරඩුව වර්ණවත් පෙරහැරකින් වඩම්මවාගෙන විත් පිරිත් මණ්ඩපයේ තැන්පත් කරමින් පිරිත් දේශනාව ආරම්භ කල අතර පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.     

මෙම අවස්ථාවට ගුවන් හමුදා මඩකලපු කදවුරු  නිලධාරීන්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි