ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් කර්නල් කාස්ටන් හෝයෙල්ස්චර් මහතා 2016 අගෝස්තු 31 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා නියෝජ්‍ය ජර්මානු ආරක්ෂක උපදේශකතුමන් අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි