යහන්ගල කන්දේ ඇතිවූ ගින්න නිවීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානාවක සහාය
2016 සැප්තැම්බර් මස 10 වන දින හසලක ප‍්‍රදේශයේ කෙහෙල්පොත ඔරුවේගල යහන්ගල කන්දට අයත් ප‍්‍රදේශයේ වනාන්තර ආශි‍්‍රතව ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුරේ අංක 07 බලඝණය විසින් බෙල් 212 හෙලිකොප්ටරයක් යානාවක් එදින උඣීසන 1100 පැයේ සිට ගුවන් ගත කර ඇත.

ගින්න මැඩ පැවැත්වීම සහ අවට ගම් ප‍්‍රදේශ වලට ගින්න පැතිරීම වැලැක්වීම සදහා හසලක ජලාශයෙන් ජලය සපයා ගත් ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය අඛන්ඩව වාර 12 ක් ගමන් කරන ලදී.  මෙම කාර්ය සදහා බම්බි බකට් යොදා ගත් අතර ඒ සදහා වතුර ලීටර් 11000 කට ආසන්න ප‍්‍රමාණයක් යොදා ගන්නා ලදී.

විංග් කමාණ්ඩර් කේඒඞීඒසී කුරුවිට නියමු කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල අතර ෆලයිට් ලෙෆ්ටිනන් ආර්ජේඑම් ගුණතිලක, ගුවන් අවිකරු කෝප‍්‍රල් උදය කුමාර කේඑචිසී සහ නායක ගුවන් භට කුමාර පීඩබිජීඒආර් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත. මීට අමතරව සැරයන් දිසානායක බීඑම්එස්එස්, කෝප‍්‍රල් විජේරත්න පීඑම්යූකේ, නායක ගුවන් භට සංකල්ප ඊඞීඑස් සහ නායක ගුවන් භට පීරිස් එන්ජීඑස් සහායක කාර්ය කණ්ඩායම ලෙස සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි