ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 15) දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවිය.

මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි