ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2016 සැප්තැම්බර් මස 21 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර මෙහිදී පිරිමි සහ කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල සහ ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දින ගැනීමට සමත් විය.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එච් යූ විජේවීර ඇතුලු නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි