අනුරාධපුර කඳවුරට නව අණදෙන නිලධාරීවරයෙක්
ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියළු වගකිම් ගෲප් කපිතාන් පී.ඞී.කේ.ටී. ජයසිංහ හට භාරදෙන ලදී.
ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ පසුගිය 2009 අගෝස්තු මස 26 වනදා සිට 2010 ජූලි මස 14 වන දින දක්වා වැඩ බලන අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී. ගෲප් කපිතාන් පී.ඞී.කේ.ටී. ජයසිංහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් වැඩ භාර ගනු ලැබුවේ පකිස්ථානයේ විශේෂ යුධ පුහුණු පාඨමාලාවක් හදාරා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුවය.
ගුවන් හමුදා චාරිත‍්‍රානුකූල සම්මාන පෙළපාලියකින් අණදෙන නිළධාරී තනතුර භාර දුන් අතර එම පෙළපාලියට අණ දෙනු ලැබුවේ බලඝණ නායක කේ.එම්.එස්.වී.කේ. කාරියප්පෙරුම නිළධාරීවරයා විසිනි.