නාලන්දා විද්‍යාලයෙන් නව ගුවන් හමුදාධිපතිතුමන් හට උපහාර
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාධිපති ලෙස පත් වූ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමාගේ පාසල වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ දී අද (2016 සැප්තැම්බර් 29) දින උදෑසන පැවැත්විණ.

මෙම උපහාර උත්සවය නාලන්දා විද්‍යාලය විසින් සමාජයේ ඉහල තරාතිරමකට ලංවූ පුද්ගලයන් හට පිදීම සදහා සංවිධානය කරනු ලබන උත්සවයක් වන අතර මෙම උත්සවයේදී නාලන්දා විද්‍යාලීය ශිෂ්‍යභට බලකා කණ්ඩායම විසින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පෙළපාලියක් පවත්වන ලදී. විද්‍යාලීය තූර්ය වාදක කණ්ඩායම විසින් එතුමන් පිළිගනූ ලැබූ අතර එම අවස්ථාවට වර්ථමාන නාලන්දා විද්‍යාලීය සිසුන් විද්‍යාලීය කාර්ය මණ්ඩලය සහ නාලන්දා විද්‍යාලීය කෙඩෙට් කණ්ඩායම සහභාගී විය.

නාලන්දා විද්‍යාලයේ වර්ථමාන විදුහල්පති ජේ එච් එම් ඩබ් රංජිත් මහතා විසින් උත්සවය අමතමින් කියා සිටියේ නාලන්දා විද්‍යාලය ඉතිහාසයේ සිට සමාජයට දායාද කරනු ලබන උතුම් දූ පුතුන් සමාජය ඉහල ස්ථාන සහ ඉහල තනතුරු වල කටයුතු කරන බවත් එයට උදාහරණයක් ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සදහන් කල හැකි බවය. පාසල් කාලය තුල අධ්‍යාපනය ක්‍රීඩා සහ විෂය භාහිර කටයුතු වල නිරත වීම නිසා එතුමන් ගුවන් හමුදාවේ ඉහලම තැන අද කටයුතු කිරීම නාලාන්දා විද්‍යාලයට මහත්වූ ආඩම්බරයක් බව ද කියා සිටියේය.

ගුවන්හමුදාධිපතිතුමන් විසින් සභාව අමතමින් කියා සිටියේ ඔහුගේ ජයග්‍රහණය ආදරණීය නාලන්දා විද්‍යාලයෙන් ලද ශක්තිමත් පදනමේ සෘජු ප්‍රතිඵලයක් බව ඉතා නිහතමානීව සහ ආඩම්බරව පිළිගන්නා බවයි. එතුමන් විසින් නාලන්දා විද්‍යාලීය ශිෂ්‍ය හට කණ්ඩායම් හා ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබදව ද දැනුවත් කරන ලදී.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි