ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර ලෝක ළමා දිනය සමරයි
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු පෙර පාසල පසුගිය ඔක්තෝම්බර් මස 04 වන දින ලෝක ළමා දිනය සමරන ලදී.

නිශාමනී ගුණරත්න මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමග එක්ව ලෝක ළමා දින උත්සවය සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන් විසින් කුඩා දරුවන්ට අවශ්‍ය උපකරණ වලින් සමන්විත ත්‍යාග පාර්සල්  පිරිනැමීම සිදු කරන ලදී.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ, නිළධාරීන් දරු දැරියන්ගේ දෙමාපියන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි