අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය 2016
2016 අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය 2016 ඔක්තෝම්බර් මස 04 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමා විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය සහ ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර කාන්තා සහ පිරිමි දෙඅංශයේම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩොර් එල් ආර් ජයවීර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේසී ගීතප‍්‍රිය, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි