ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා කදවුර මීරිගම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2016 ඔක්තෝම්බර් මස 11 වන දින ගුවන් හමුදා මීරිගම කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  ඕඒඑන්එස් ප‍්‍රනාන්දු පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරමින් මාර්ගපෙල කණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාරය පුද කරමින් එතුමන් පිළිගන්නා ලදි. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් කදවුරේ සියලූ ස්ථානයන් නිරීක්‍ෂණය කල අතර කදවුරු තුලවාසී නිළධාරීන් වෙනුවෙන්් අලූතින් ඉදි කරන ලද නිළධාරී නිවස්නය එතුමන් විසින් විවෘත කරන ලදි.

පරීක්‍ෂණය අවසානයේ කදවුරේ සියලූ නිළයන් වෙත අදහස් දක්වමින් සියලූ සාමාජිකයින් හට කදවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙල අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ස්තුති ප‍්‍රකාශ කර සිටින ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි