මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 03 වන බලඇණිය විසිර යයි
ඒකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හෙලිකොප්ටර් බලඝණයට අනුය්ක්තව මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාකාරීන්හි නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා පිටත්ව යන 3 වන බලඇණිය පසුගිය ඔක්තෝබර් මස 20 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී.
නිළධාරීන් 17 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් 93 දෙනෙකුගෙන් සමන්විත මෙම 3 වන බල ඇණිය 2016 නොවැම්බර් මස 06 වන දින මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.
විසිර යාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය. මෙම බල ඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ඩබ්එන්ටීපී ප‍්‍රනාන්දු විසිර යාමේ පෙළපාලිය සඳහා අණ දීම සදු කරන ලදී.
ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන් සහ බළ ඇණි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.