ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක පාලක වර්ගීකරණ මණ්ඩල ඇගයීම් වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක පාලකයන්ගේ සහභාගීත්වයෙන් ඉන්දීය ගුවන් හමුදා පරීක්ෂකයින්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණු ගුවන් හමුදා ප්‍රහාරක පාලක වර්ගීකරණ මණ්ඩල ඇගයීමේ වැඩසටහනක් ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේදී 2016 ඔක්තෝම්බර් මස 24 වන දින සාර්ථකව අවසන් විය.

මෙහිදී ප්‍රහාරක පාලකයන් හට සති තුනක වැඩසටහනක් ලෙස ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයින්ගේ අධීක්ෂණය යටතේ දේශන, සාකච්ඡා හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්විණ. මෙම ඇගයීම් ක්‍රියාවලිය තුලදී ගුවන් හමුදා ප්‍රහාරක පාලකයින් හට ’වීවා’ හඩ පරීක්ෂණ මාලාවක් පැවැත්වූ අතර ගුවන් හමුදා නිළධාරීන් 05 දෙනෙකු හඩ පරීක්ෂණ ප්‍රවර්ගය ’බී’ යටතේ උසස් කිරීමද එක් නිළධාරියෙකු පවතින හඩ පරීක්ෂණ ප්‍රවර්ගය ’බී’ යටතේ ඇගයීම ද සිදු කෙරිණ.

මෙම වැඩසටහනේ අවසන් උත්සවය හා සහතිකපත් ප්‍රදානය ගුවන් ආරක්ෂක අණ හා පාලන බලඝණයේ අනුග්‍රහය ඇතිව අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් ඕ ඒ එන් එස් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි