සභාපතිගේ පිල පරදා ආරක්ෂක සේවා පිල ජයගනී
පසුගියදා (05 අගෝස්තු 10) ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ සභාපති කණ්ඩායම හා ආරක්ෂක සේවා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 39-10 ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ආරක්ෂක සේවා කණ්ඩායම සමත්විය.
තරගාවලියේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි ආරක්ෂක සේවා කණ්ඩායම උත්සාහක දිනුම් 07 සමග ලකුණු 39 ලබාගත් අතර සභාපතිගේ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ 01 උත්සාහක දිනුමක් හා 01 දඩුවම් පහරක් පමණි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත ආරක්ෂක සේවා කණ්ඩායමෙහි ජයන්ත රණවීර, මිලින්ද ජයසිංහ, පුබුදු කෝදාගොඩ සහ චානක චන්දිමාල් යන ක්‍රීඩකයින් ගුවන් හමුදාව නියෝජනය කල අතර, ලබාගත් උත්සාහක දිනුම් 07 න් 04 ක් ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීම වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම තරගාවලිය සදහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.