වව්නියාව මුලික කදවුර සිය 38 වන කදවුරු දිනය සමරයි
ගුවන් හමුදා වව්නියාව මුලික කදවුර සිය 38 වන කදවුරු දිනය සමරමින් කදවුරේ සියලූ සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රජා සේවා ව්‍යාපෘති ආගමික කටයුතු සහ විනෝදාත්මක කි‍්‍රයාකාරකම් කිහිපයක් කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්එල්ආර්පී රොදි‍්‍රගුගේ මග පෙන්වීම යටතේ සංවිධානය  කරන ලදි.

කදවුරු දිනය ආරම්භ කරමින් උදෑසන පෙළපාලිය කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබිඑල්ආර්පී රොදි‍්‍රගු විසින් පරීක්‍ෂා කරන ලද අතර අනතුරුව සියලූ නිළයන් නියෝජනය වන පරිදි සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ තරගාවලියක් සංවිධානය කරන ලදි. අනතුරුව දිවා ආහාරය සියලූ නිළයන් වෙනුවෙන් කදවුරු ගුවන්භට භෝජනාගාරයේදී සුදානම් කර තිබුණි.

කදවුරු දිනයට සමගාමීව 2016 ඔක්තෝම්බර් මස 13 සහ 14 යන දෙදින මඩුකන්ද දළදා විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කල අතර කදවුරු සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් මුලස්ථාන හින්දු කෝවිලේ විශේෂ පුජාවක් සිදු කර එදින රාති‍්‍රයෙහි පිරිත් සජ්ජායනයක්ද පවත්වන ලදි. තවද කැලේසියඹලාන්ඩුව ගම්මානයේ දරු දැරියන් හා ග‍්‍රාමිය ප‍්‍රජාව මුලික කර ගනිමින් වෛද්‍ය සායනයක්ද මඩුකන්ද දළදා විහාරයේදී දන්ත සායනයක්ද සංවිධානය කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි