ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි භාෂා දිනය 2016
9:45am on Wednesday 9th November 2016
ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ භාෂා ඒකකය මගින් නොකඩවා අටවෙනි වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ”ඉංග්‍රීසි භාෂා දිනය” ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී අද (2016 නොවැම්බර් 08) දින පවත්වන ලදී.
වාර්ෂික ඉංග්‍රීසි භාෂා දිනය පැවැත්වීම මගින් ගුවන් හමුදාවේ සේවය කරනු ලබන නිළධාරීන් සහ ගුවන් භට ගුවන් කාන්තාවන් ගේ ඉංගී්රසි භාෂා දැනුම වර්ධනය කරලීම අරමුණ වෙයි. එසේම තම තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටද මෙමගින් අවස්ථාව හිමිවේ.
ඉංග්‍රීසි භාෂා දින වැඩසටහන නාට්‍යය, ගද්‍යය, පද්‍යය රචනා, කථික, ආදී නොයෙකුත් අංශයන් යටතේ පවත්වන ලදී. ඒ අතරින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ඉංග්‍රීසි භාෂා දිනයේදී තම හැකියාවන් ප්‍රදර්ශන කිරීමේ අවස්ථාව හිමි විය.
ගුවන් හයමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනොම ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.