ශ්‍රී ලංකා ගුවන් හමුදා කැරම් ක්‍රීඩිකාවන් එක්සත් රාජධානියේ පැවති ලෝක කැරම් තරගාවලියේ දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම එක්සත් රාජධානියේ පැවති ලෝක කැරම් ශූරතාවලියේ සාර්ථක ජයග්‍රහනයක් ලබා ගැනීමෙන් පසුව 2016 නොවැම්බර් මස 14 වැනිදා දිවයිනට පැමිණියේය.

මෙහිදී ගුවන් හමුදා කැරම් ක්‍රීඩිකා ගුවන් කාන්තා ලියනගේ සී එල් සහ ගුවන් කාන්තා රාහුබද්ද ආර් කේ වයි යන ක්‍රීඩිකාවන් නියෝජනය කළ ශ්‍රී ලංකා ජාතික කැරම් කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේ කාන්තා අනුශූරතාවය  දිනා ගැනීමට සමත්විය. එම ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිවෙලින් කාන්තා යුගල 3 වන සහ 4 වන ස්ථාන ද දිනා ගැනීමට සමත් විය.

තවද ගුවන් කාන්තා ලියනගේ සී එල් සහ ගුවන් කාන්තා රාහුබද්ද ආර් කේ වයි යන ක්‍රීඩිකාවන් ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් පිළිවෙලින් 04 වන සහ 06 වන ස්ථාන ලබාගැනීමට ද සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කැරම් සංචිතයේ සභාපතිතුමන් සහ ලේකම්තුමන් ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණි ක්‍රීඩිකාවන් පිළිගැනීමට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි