ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2016 නොවැම්බර් මස 16 ඒකල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී. එහිදී කොළඔ ගුවන් හමුදා කදවුර පිරිමි අංශයේ ශූරතාවයටත් ඒකල වෘත්තීය පුහුණු පාසැල කාන්තා අංශයේ ශූරතාවයටත් හිමිකම් කියන්නට සමත්විය. දක්‍ෂතා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදා කබඩි සංචිතය සඳහා තෝරා ගැනීම මෙමගින් සිදු කරනු ලබයි.

ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කඳවුර පිලිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හී දෙවන ස්ථානයන් හිමිකරගන්නා ලදී. ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති එයාර් කොමඩෝර් එම් ඩී  රත්නායක ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - නාගුභ විජේරත්න ඩබ්ලිව් එම් ආර් එම් බී  - කොළඔ ගුවන් හමුදා කදවුර

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - ගුභ නදීශානි ජේ ඒ ඒ එන් - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි