
ගුවන් හමුදාධිපතිතුමන් යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඒ ඩබ් ජේ සී ද සිල්වා මහතා අතර හමුවක් අද (2016 නොවැම්බර් මස 23) වන දින ශ‍්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී සම්මාන පෙළපාලියකින් යුධ හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. ගුවන් හමුදාධිපතිතුමන් සහ යුධ හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ඡුාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.



















