ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ  ශ‍්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා  අතර හමුවක් අද  (2016 නොවැම්බර් මස 23) වන දින ශ‍්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී සම්මාන පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. ගුවන් හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ජාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි