ගුවන් හමුදාවට බාස්කට් බෝල් තරගාවලි ජයක්
කැළණිය විශ්ව විද්‍යාලය අගෝස්තු මස 07 වන දින සංවිධානය කල එක් පිලකට පහ බැගින් වු බාස්කට් බෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි කාණ්ඩ දෙකෙහිම ශුරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

පිරිමි අවසන් තරගයේදී ඔටර්ස් ක්‍රීඩා සමාජය 45-37ක් ලෙසින් පරාජය කරමින් ගුවන් හමුදාව ශුරතාවය දිනා ගැනීමට සමත් වු අතර පිළිවෙලින් යුධ හමුදාව, කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම සහ ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් මෙහි ශුරතාවය දිනා ගැනීම කැපී පෙනේ.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී සබරගමු විශ්ව විද්‍යාලීය කණ්ඩායම සහ සත්කාරක කැළණිය විශ්ව විද්‍යාලීය කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ගුවන් භට දොඩන්ගොඩ ආර් සමත්විය.




Airman Dodangoda R was adjudged as the best player of tournament.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි