කොළඹ කදවුර හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් කදවුරු දැල්පන්දු තරගාවලිය අගෝස්තු මස 04 සහ 05 යන දෙදින තුල කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියේදී පැවැත්වින. කොළඹ කදවුරු කණ්ඩායම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර කණ්ඩායම් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීය.

අගෝස්තු 06 දින කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අවසන් තරග පැවති අතර කොළඹ කණ්ඩායම කාන්තා අංශයේ තරගය 09-06 ලෙසත් මිශ්‍ර තරගය 10-05 ක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර
ගුවන් තොටුපොල කදවුරු කණ්ඩායමත් ජය ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

කාන්තා අංශයේ ගුවන් කාන්තා රම්‍යලතා සහ දුල්මිනි කොළඹ කදවුරු කණ්ඩායම නියෝජනය කරමින් හොදම ද්විතීය හා හොදම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනාගත් අතර මිශ්‍ර තරගයේ ගුවන් කාන්තා ජයසූරිය සහ ගුවන් භට පෙරේරා හොඩම විදින්නිය සහ හොදම් ක්‍රිඩකයාට හිමි සම්මාන දිනා ගන්නා ලදී.

තරගාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යක්ෂ මෙහෙයුම් භූමී ගුවන් කොමදෝරු ක්‍රිෂාන් යහම්පත් සහභාගි විය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි