14 වන ජාතික කඹ ඇදීමේ තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම 2015 දෙසැම්බර් 11 වන දින බද්්දේගම "කුමේ" ක්‍රීඩාංගනයේදී පැවති ජාතික කඹ ඇදීමේ තරඟාවලියේදී 14 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. යුධ නාවික හමුදා සහ පොලිස් ඇතුලු කඹ ඇදීමේ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සදහා සහභාගී වූහ.

මෙම ඉසව්වේ කාන්තා තරඟයේ තුන්වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා  කාන්තා කන්ඩායම සමත් විය.

 ගාලු දිස්ති‍්‍රක් කඹ ඇදීමේ සංචිතයේ සභාපති පූජ්‍ය බද්දේගම සමිත හිමි මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෘෘප් කැප්ටන් කේ සී ගීතප්‍රිය ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.   

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි