අංක 68 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
අංක 68 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2016 දෙසැම්බර් මස 23 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්ට්රා උත්සවශාලාවේදී පවත්වන ලදී. ගුවන් හමුදා මුද්‍රන ඒකයේ අංශභාර නිළධාරී  එයාර් කොමඩොර් එස්.ඩී කොටගේ  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය විද්යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ සහ එක් එක් පක්ෂාංගයන්හි අණදෙන නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ හමුදා නිලධාරින් තුළ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම, ශබ්ද අධ්‍යයනය සහ කළමනාකරණ දැනුම පරිවර්තනය කිරීමයි. සති 11 ක කාලයක් පුරා දිවෙන මෙම පාඨමාලාව රජරට විශ්ව විද්යා‍ලයට අනුබද්ධ වන අතර සුදුසුකම් ලබන සියලුම අධිකාරී නොලත් නිලධාරීන් හට කළමනාකරණ සහතිකයක් මෙහිදී ප්‍රධානය කරනු ලැබයි.

මෙහිදී මෙම අංක 68 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලව සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 දෙනෙක්, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 45 දෙනෙක් සහ යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකු, නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිළධාරින් දෙදෙනෙකු ද ආදී වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 88 දෙනෙකු හට සහතික පත් ප්‍රදානය කරන ලදී.

26721 සැරයන් දිසානායක එස්.සී.ඩබි  විසින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 28283 කෝප්‍රල් සාරංග විසින් සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයත් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි