පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය 07 වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පසුගිය ජනවාරි මස 05 වන දින සිය  07 වන සංවත්සරය පිදුරුතලාගල විහාරස්ථානය මූලික කරගනිමින්් සමරන ලදී.

සංවත්සර දින සැමරුම අරඹමින් කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් සී පීරිස් විසින් කඳවුරේ  සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන් අමතන ලදී.

අනතුරුව කඳවුරේ සියළුම සාමාජිකයින් නුවර එළිය නගරයේ පිහිටා ඇති එකම විවිධ ආබාධ සහිත වූ දරුවන් සඳහා වූ "මෙන්කැෆේ"  ළමා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි