ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය - 2017
ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය සම්පන්න, ප‍්‍රීතිමත් හා ධෛර්යය සම්පන්න පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව පෙබරවාරි 06 දින සිට පෙබරවාරි මස 12 දක්වා වූ සතිය "ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය" ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම අවස්ථාවට සමගාමීව බොහෝ කී‍්‍රඩා හා ශාරීරික යෝග්‍යතා ප‍්‍රවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීමට නියමිතය.
රට තුළ මනා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම මෙන්ම ජනතාවට ශාරීරික පුහුණුව තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හදුන්වාදීම හා එය ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අදහසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
මීට සමගාමීව ගුවන් හමුදාව මගින් සංවිධානය කල වැඩසටහනක් කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී අද (2017 පෙබරවාරි 06) දින ආරම්භ කරන ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් වන එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස්, අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරීතුමන්, අනෙකුත් නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්‍ය මණඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.