
බ්‍රසීල තානාපතිනි ගුවන් හමුදාධීපති තුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (2017.02.15) ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ෂවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


