ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම පාකිස්තානයේ සුහද සංචාරය නිම කර නැවත දිවයිනට
11:35am on Sunday 26th February 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම  ක‍්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ පාකිස්තානයේ සතියක සංචාරය අවසන් කර 2017 පෙබරවාරි 23 යලිත් දිවයිනට පැමිණියේය. මෙම සංචාරය තුළ දී කණ්ඩායම පාකිස්තානු පිරිමි පාපන්දු කණ්ඩායම සමග සුහද තරග තුනකට සහභාගි වූහ.

මෙම තරගාවලිය 2017 පෙබරවාරි 17 සිට 21 දක්වා පාකිස්තාන රසල් පූර් විද්‍යපීඨ කි‍්‍රඩාපිටියේදී පැවැත්විණී. ලංකා ගුවන් හමුදා දැල් රකින්නා වන නායක ගුවන් භට අරුණසිරි තරගාවලියේ හොඳම කී‍්‍රඩකයා ලෙස සම්මාන හිමිකර ගන්නා ලදී.

මෙය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම  පාපන්දු තරගාවලියක්  සඳහා  පකිස්ථානෙය් සංචාරය කරන පළමු අවස්ථාව විය. මෙම සංචාරය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා පාකිස්තාන ගුවන් හමුදාව අතර සුහද තාව වර්ධනය කිරීම අරමුණින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි