ආත්මා, උමාරියා සහ අමල් සමගින් මේරියන්ස් අන්ෆ්ලග්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද මේරියන්ස් අන්ෆ්ලග් සංගීත සන්ධ්‍යාව 2017 පෙබරවාරි මස 26 දින අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සවශාලාවේදී සාර්ථකව පවත්වන ලදී. පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සහ අමුත්තන් වින්දනයට පත්කරමින් නලීන් පෙරේරා ප‍්‍රමුඛ මේරියන්ස් වාදක කණ්ඩායම හා එක්ව ආත්මා ලියනගේ, උමාරියා සිංහවන්ස හා අමල් පෙරේරා යන ගායන ශිල්පීන් සමගින් මෙම සංගීත සන්ධ්‍යාව පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගුවන් හමුදා සේවා පුද්ගලයින් සඳහා ඉදිකෙරෙන. ගුවන් ලක් සෙවණ. නිවාස ව්‍යාපෘතියට අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම සංගීත වැඩසටහන සංවිධානය කරන ලදී.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක හා එම මැතිණිය, යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරීී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් හා එම මැතිණිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු ප්‍රේක්ෂකයින් 1500 කට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටිය.