ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 66 වන සංවත්සරය සමරයි
5:50pm on Thursday 2nd March 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වන සංවත්සරය 2017 මාර්තු මස 02 වන දින සියළුම ගුවන් හමුදා කඳවුරු වලදී සමරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත්වූ සංවත්සර පෙළපාලිය අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින්, ගුවන් හමුදා 66 වන සංවත්සරය වෙනුවෙන් සියළුම ගුවන් හමුදා සාමජික සාමාජිකාවන් හට තම සුභාශීංසන පිරිනමන ලදී. එසේම,ගුවන් හමුදාවේ සේවය කරන ලද සහ දැනට සේවය කරනු ලබන පුද්ගලයන් හට සහ ඔවුනගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට ගුවන් හමුදාව මේ දක්වා උසස් මට්ටමකට ගෙන ඒම පිණිස ඔවුන් විසින් සිදුකරන ලද කැපකිරීම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ස්තුතිය පුද කරන ලදී.
ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රීඩා සහ සියළු නිළයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරීී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් ෙස්වක මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් වූහ.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 66 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය මාර්තු මස 3, 4 සහ 5 යන තෙදින තුළ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම ප‍්‍රදර්ශනයේදී කළාතුරකින් දැක ගත හැකි විවිධ වූ අංග රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවෙයි.

SLAF Station Wirawila

SLAF CTS Diyatalawa

SLAF Station Palavi

SLAF Base Anuradhapura

SLAF Station Piduruthalagala

SLAF Station BIA

SLAF Station Mullaittivu

SLAF Academy China Bay

SLAF Station Sigiriya

SLAF Station TTS Ekala

SLAF RTS Vanni

SLAF Base Vavuniya

SLAF Station Ampara