ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2017 පළවෙනි අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සරයට සමගාමීව 18 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ලබාදුන් සංඥාවට අනුව තරඟකරුවන් පුත්තලම දක්වා කි. මී. 128.2 ක් වූ පළමු අදියර ආරම්භ කරන ලදී. ත්‍රිවිධ හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය ආදී විදෙස් ක්‍රීඩා සමාජ ඇතුළුව තරඟකරුවන් 185 දෙනෙකු ගුවන් පාපැදි සවාරියේ පළමු අදියර සඳහා සහභාගී වූහ.

පළමු අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා වරාය අධ්කාරියේ සදුන් චාමික විසින් දිනා ගනු ලැබූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන්  හමුදාවේ ලක්මාල් හා නවීන් රුචිර විසින් දිනා ගන්නා ලදී.

හෙට දිනයේ තරගය ගුවන් හමුදා පාලවි  කදවුර අසලින් ආරම්භ වී කි. මී. 138.5 දුර ගෙවා ගුවන් හමුදා වව්නියා කදවුර අසලින් නිම කිරීමට නියමිත ය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි