ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2017 දෙවෙනි අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සරයට සමගාමීව 18 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 04 වන දින තරඟකරුවන් වව්නියාව දක්වා කි. මී. 145.5 ක් වූ දෙවන අදියර ආරම්භ කරන ලදී. මෙහිදී පාලවී කඳවුරු අනදෙන නිළධාරි විංග්කමාන්ඩ එල් ඩී ආර් පී ගුනවර්ධන මහතා විසින් ආරම්බය සනිටුහන් කරන ලදී.

දෙවන අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ හේමන්ත කැලුම්  විසින් දිනා ගනු ලැබූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන්  හමුදාවේ ජිවන් ජයසිංහ හා නවීන් රුචිර විසින් දිනා ගන්නා ලදී.

හෙට දිනයේ තරගය ගුවන් හමුදා වව්නියාව  කඳවුර අසලින් ආරම්භ වී යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගනයෙන්  නිම කිරීමට නියමිතය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි