20 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්ම කල ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2017 මාර්තු 08) දිනමාවනැල්ල ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.  ඉදිකරන ලද නිවස 25347 කෝප‍්‍රල් මුණසිංහ ඒ එල් ජේ  හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කපිතාන් එල් එච් එන් ජයතිලක මහතාගේ  ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.   

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුර  මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි