ජාත්යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අධ්‍යාත්මික සංගීත ප‍්‍රසංගයක්
තවත් නැවුම් සංකල්පය හඳුන්වා ෙදමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්යන්තර කාන්තා දිනය සැමරීම වස් සංවිධානය කරන ලද සහෝදර චාල්ස් තෝමස් සහ ඔහුගේ සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන අධ්‍යාත්මික සංගීත ප‍්‍රසංගයක්  ආරක්ෂක සේවා විද්යාලීය ශ‍්‍රවණාගාරයේදී අද  දින (2017 මාර්තු 09)  පවත්වන ලදී.

ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වන රොෂානි ගුණතිලක මහත්මිය පිළිගනු ලැබුවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙය් සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය විසිනි.

ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරී මහතුන්ගේ එම මහත්මීන් ගුවන් හමුදා  නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද  මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි