අංක 6 බලඝණය සිය 24 වන සංවත්සරය සමරයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 වන බලඝණය සිය 24 වන සංවත්සරය පසුගිය මාර්තු මස 15 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව ”සතුට” අනාථ නිවාසයේ ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම සහ අවහ්‍ය ගෘහ උපකරණ ලබාදීම මගින් සංවත්සර දින සැමරුම් මාලාව ආරම්භ කරන ලදී. ගෲප්  කැප්ටන් එන්එච්ඞීඑන් ඩයස්  බලඝණ අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන් මාලාව දියත් කරන ලදී. මාර්තු මස 14 වන දින මිරිසවැටිය විහාරස්ථානයේදී බෝධීපූජා පින්කමක්ද පවත්වන ලදී. මාැර්තු මස 15 වන දින කඳවුරු පරිශ‍්‍රයේදී සංවත්සර පෙළපාලිය පවත්වන ලද අතර සේවා පුද්ගලයන් සහ ඔවු්නගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට සෙත් පතා සර්ව ආගමික පූජවක්ද පවත්වන ලදී.

පෙළපාලිය අවසානයයේ ක‍්‍රිකට් තරඟාවළියක් සහ සියළු නිළයන් සඳහා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි