අංක 69 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
අංක 69 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2017 මාර්තු මස 24 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්ට්රා උත්සවශාලාවේදී පවත්වන ලදී. එයාර් කොමඩොර් එච්එන් අබේසිංහ  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය විද්යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ සහ එක් එක් පක්ෂාංගයන්හි අණදෙන නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ හමුදා නිලධාරින් තුළ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමල ශබ්ද අධ්‍යයනය සහ කළමනාකරණ දැනුම පරිවර්තනය කිරීමයිග සති 11 ක කාලයක් පුරා දිවෙන මෙම පාඨමාලාව රජරට විශ්ව විද්යා‍ලයට අනුබද්ධ වන අතර සුදුසුකම් ලබන සියලුම අධිකාරී නොලත් නිලධාරීන් හට කළමනාකරණ සහතිකයක් මෙහිදී ප්‍රධානය කරනු ලැබයි.

මෙහිදී මෙම අංක 69 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලව සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 46 දෙනෙක්ල කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 39 දෙනෙක් සහ යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයෙකු නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිළධාරින් දෙදෙනෙකු ද ආදී වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 88 දෙනෙකු හට සහතික පත් ප්‍රදානය කරන ලදී.

21810 බලපන්ති සැරයන් පුෂ්ප කුමාර කේඑස්  විසින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 32747 කෝප්‍රල් සේනානායක එස්සීඑම්ඒජීකේ විසින් සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයත් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි