ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 34 වන සංවත්සර දිනය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 34 වන සංවත්ර දිනය 2017 මාර්තු මස 27 වන දින පවත්වන ලදි. එදිනට සමගාමීව කදවුරු සේවා පුද්ගලයින් විසින් මඩකලපුව බ‍්‍රදර්ස් පල්ලිය මූලික කර ගනිමින් 2017 මාර්තු මස 25 වන දින ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි.

සංවත්සර දිනය ආරම්භ කරමින් එදින උදෑසන මඩකලපුව කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් වීජීජීබී පියසිරි නිළධාරී විසින් සියළුම දෙනා අමතන ලද අතර අනතුරුව සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් කදවුරු කි‍්‍රඩාංගනයේදී කි‍්‍රකට් තරගාවලියක් පවත්වන ලදි. සංවත්සර දිනය නිමා කරමින් එදින දහවල් ආහාරය සියළු නිළයන් සදහා කදවුරු ගුවන්භට භෝජනාගාරයේදී සූදානම් කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි