ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරත වෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනොමා ජයම්පති මැතිණියගේ මගපෙන්වීම යටතේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය විසින් 2017 මාර්තු මස 28 වන දින මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරත විය.

1985 වසරේ සිට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම අංක 03 වාට්ටුවේ කාන්තා රැදවියන්ගේ සුභ සාධන කටයුතු සහ කලින් කලට විවිධ පරිත්‍යාග විනෝදාංස්වාද කටයුතු සිදු කරමින්  නඩත්තු කරනු ලබයි.

මෙම සංචාරය සදහා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන නිළධාරී සහ එම මැතිණිය කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිණිය ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් ගුවන් කාන්තාවන් පුහුණුවනන් පිරිසක් ද සහභාගී වී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි