
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අධිකාරී නොලත් නිළධාරීන් සදහා ගුවන්යානා ආරක්‍ෂණ පාඨමාලාවක්
ගුවන් හමුදා අධිකාරී නොලත් නිළධාරීන් සඳහා වූ ගුවන් ආරක්‍ෂණ පාඨමාලා මාලාවේ 2017 වසරේ පළමු පාඨමාලාව 2017 අප්‍රෙල් මස 01 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරන පාසලේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.
මෙම පාඨමාලාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂක පරීක්‍ෂණ අංශය විසින් සංවිධානය කල අතර ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් සඳහා සෘජුව සම්බන්ධ වන සේවා පුද්ගලයන් හට ගුවන්යානා ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය හුරු කිරීම පිළිබද දැනුම්වත් කිරීම මෙහි අරමුණ විය. මෙම වසරේ සිට ඉදිරියට ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය, ගුවන් ආරක්‍ෂණ අංශය, විදුලි කාර්මික සහ ඉදිකිරීම් උපකරණ ශීල්පී වෘත්තීන්ට අදාල අධිකාරී නොලත් නිළධෘරීවරුන් සහ අධිකාරී නොලත් නිළධාරිනියන් සහභාගී වනු ලබයි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ක්‍ෂේත‍්‍රයේ ශිල්පීය දැනුම ඇති නිළධාරීන් මෙම වැඩමුළුවේ දේශන සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් වැඩමුළුවට සඳහා සහභාගී වූ පිරිස හට ගුවන් ආරක්‍ෂාව පිළිබඳ දැනුම ලබා දෙන ලදී.දින 6 ක් පුරා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා අධිකාරී නොලත් නිළධාරීන් 51 දෙනෙකු සහභාගී වූ අතර අධිකාරී නොලත් නිළධාරීන් වෙනුවෙන් 2017 වසරේ පැවැත්වීමට සැලසුම් කොට තිබෙන ගුවන් ආරක්‍ෂණ පාඨමාලා දෙකින් පළමු පාඨමාලාව වෙියි.
මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය වැඩබලන විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී ගෲප් කැප්ටන් එස්එස්බී මාරඹේ විසින් මෙහෙයවන ලදී. අවසන් දිනයේදී වැඩබලන ගුවන් ආරක්‍ෂණ නිළධාරී විසින් පාඨමාලාව හැදෑරූ පුද්ගලපයන් හට සහතික පත් ප‍්‍රධානය කරන ලදි.














