රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 26 වෙනි සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින සිය 26 වෙනි සංවත්සරය පක්‍ෂාංගයේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව මහරගම ”අපේක්‍ෂා රෝහලේ” ලේ දන්දීමේ වැඩසටහනක් මාර්තු මස 30 වන දින පවත්වන ලදී. එදිනම අපේක්‍ෂා රෝහලේ ළමුන් 140 දෙනෙකුට පමණ අධ්‍යාපනික උපකරණ බෙදා දීමක්ද සිදු කරන ලදී.

සංවත්සර දින සැමරුම් පෙළපාලිය කඳවුරු පෙළපාලි භූමියේ පවත්වන ලද අතර අනතුරුව සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු කඳවුරේ සියළුම පක්‍ෂාංග අණදෙන නිළධාරීවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි