54 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
54 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2017 අපේ‍්‍රල් මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශක වරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙක්, ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් නිළයේ එක් නිළධෘරීවරයෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් නිළයේ එක් නිළධාරීවරයෙකු සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2017 අපේ‍්‍රල් මස 24 වන දින සිට 2017 අගෝස්තු මස 04වන දින දක්වා පැවැත්වේ.