ජපානයෙන් සියළු පහසුවලින් සමන්විත ගිලන්රථයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ප‍්‍රදානය කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන ආපදා සහන කටයුතු, හදිසි වෛද්‍යාධාර ලබාදීම්  ආදී සහන සේවා කටයුතු සඳහා යොදා ගැනීම පිණිස සියලු පහසුකම්වලින් සමන්විත ගිලන් රථයක් ප‍්‍රදානය කිරීම පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ජපාන ජනතාව නියෝජනය කරමින් ජපානයේ ඉබරාකි ප‍්‍රාන්තයේ, ඉනෂිකි ෂි නගරයේ ඔසකාවා ජුකි ආයතනයේ සභාපති හිරෝෂීගෙ ඔකසාවා මහතා, භෘෂා පරිවර්ථක සහ සම්බන්ධීකාරක තේමිය ගුණවර්ධන මහතා සහ සම්බන්ධීකාරක ආනන්ද එමානුවෙල් මහතා මෙම අවස්ථාවට සහභාගී විය. ගිලන්රථයේ යතුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතට භාරදීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි