සෙසු නිළයන් සදහා නිළ නිවාස සංකිර්ණය ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
රත්මලාන ගුවන් හමුදා කදවුරු පරිශ‍්‍රයේ සෙසු නිළයන් සදහා  අලුතින් ස්ථාපිත කරන ලද සෙසු නිළ නිවාස සංකිර්ණය පසුගියදා (04 මැයි 2017) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමන් අතින් විවෘත කරන ලදි.

මෙහි සියලු ඉදිකිරීමි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමාගේ අධීක්‍ෂණය යටතේ සිදු විය. සංකිරීණය මහල් 4 කින් යුක්ත වන අතර එහි නිවාස 08 කින් සමන්විත වේ.

මෙම අවස්ථාව සදහා රත්මලාන කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර්පී ලියනගමගේ ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී වී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි