ශී‍්‍ර ලංකා ගුවන් සේවා දෙවන බලඇණිය ප‍්‍රජා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරයි
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කර සිටින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ දෙවන ගුවන් සේවා බලඇණිය විසින් 2017 මැයි මස 09 වන දින එහි බලඇණි අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් සුමුදු දහනායක නිළධාරීගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රජා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරන ලදි.

ඒ අනුව මෙම බලඇණියේ සාමාජිකයන් විසින් බැලැක් ඊගල් පාසලේ දරු දැරියන් හට පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දුන් අතර පාසල වෙනුවෙන් සුර්ය අලෝක පද්ධතියක් ප‍්‍රධානය කරන ලදි.

මෙම අංගයන්හි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්ෂෙත්‍ර කාර්යාල ප‍්‍රධානී ඩෙබොරා ස්චෙයින් මහත්මිය සහභාගී වූ අතර එම පාසලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු මෙන්ම බලඇණියේ අණදෙන නිළධාරී ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි