
ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ නව සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ 2016 වසරේ 05 වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ දරුවන් පස් දෙනෙකු සඳහා අතිරේක ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී අද 2017 මැයි 22 දින සිදු කරන ලදී.
මෙම වැඩසටහන යටතේ එක් දරුවෙකු සඳහා මාස්පතා රුපියල් දහසක මුදලක් පිරිනමන අතර එය අ.පො.ස සා/පෙළ දක්වා ඔවුනට හිමිවේ. මෙම ශිෂ්‍යත්ව දිනාගත් දරුවන් හට සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුභ පැතුම්ද හිමිවන ලදී.
මෙම වැඩසටහන යටතේ එක් දරුවෙකු සඳහා මාස්පතා රුපියල් දහසක මුදලක් පිරිනමන අතර එය අ.පො.ස සා/පෙළ දක්වා ඔවුනට හිමිවේ. මෙම ශිෂ්‍යත්ව දිනාගත් දරුවන් හට සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුභ පැතුම්ද හිමිවන ලදී.


