අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන වැඩසටහනක්
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ දසවන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය මැයි මස 20 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන මැයි මස 17 වන දින සිට මැයි මස 20 වන දින දක්වා පවත්වන ලදී.
මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. පුහුණු වැඩසටහන ආරම්භ කරමින් කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර පුහුණු වැඩසටහන අවසානයේ චීන වරාය විද්‍යාපීඨ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ විසින් සියලු දෙනා අමතන ලදි.
එසේම මෙහිදී අණදෙන නිළධාරීන් එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.