ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් අද (2017 මැයි මස 26) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරේදී සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වී බී එදිරිසිංහ විසින් පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීකෂාවට ලක් කරන ලදී. පසුගිය වර්ෂය තුළ හිගුරක්ගොඩ කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් පහත සදහන් සේවා පුද්ගලයින් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්
17651 බල/සැරයන් ජයසිරි එස් යු ඩී(මෙහෙයුම් භූමි )
19834 සැරයන් රත්නායක එච් එම් අයි ජී එස් (මෙහෙයුම් භූමි )
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීකෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීකෂා කල අතර අලූතින් ඉදිකරන ලද ගුවන් භටයින්ගේ නිවාඩු නිකේතනය විවෘත කරන ලදී.
පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් හිගුරක්ගොඩ කඳවුරේ සියලුම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී. අවසාන වශයෙන් සියලු දෙනාට ස්තූති කරමින් සෑම විටම ගුවන් හමුදාව මෙන්ම තම මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන දෙන ලදී.