විල්ගමුවේ ගින්න නිවීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදාගනී...
ඊයේ (16) සවස විල්ගමුව, නාමිනිඔය ප්‍රදේශයේ ඇතිවු ගින්නක් මැඩලීමට හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ හෙලිකොප්ටර් යානා වලට හැකිවිය.

හෙලිකොප්ටර් යානා හෙලිකොප්ටරයේ සවිකර ඇති විශේෂ උපකරණයක් වන බැම්බි බකට් උපයෝගී කර ගනිමින් අසල පිහිටි වැවෙන් ජලය රැගෙන ගින්න පාලනය කරමින් ප්‍රදේශයේ වටිනා කෘෂිකාර්මික භෝගයන් සහ ජීවිත දේපල ආරක්ෂාකර දීමට සමත් විය.

මෙම ගිනි නිවීමේ මෙහෙයුමේ දී ප්‍රධාන නියමු ප්‍රසන්න ගුණරත්න විසින් හෙලිකොප්ටර් යානය මෙහෙයවනු ලැබූ අතර සහයක නියමු ලෙස නියමු නිළධාරී රන්දුනුගේ කටයුතු කරනු ලැබීය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි