”ඊගල්ස් හයිඩ්අවුට්” අවන්හල ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
අළුතින් ඉදිකරන ලද ”ඊගල්ස් හයිඩ්අවුට්”  අවන්හල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ විසින් ඊගල්ස් ලැගූන් විව් උත්සව  ශාලා පරිශ‍්‍රයේදී 2017 මැයි 31 දින  විවෘත  කරන ලදී.

ගුවන් හමුදාව සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර එතුමන් විසින් පූර්ණ අධීක්‍ෂණය හා මගපෙන්වීම මෙහි ඉදිකිරීම් කටයුතු අතරතුරදී සිදුකරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්ඩීඒපී පායෝ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි